හම්බන්තොට සිද්ධිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි

Monday, 09 January 2017 - 11:22

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට - මාගම්පුර වරාය, චීන සමාගමකට පැවරීමට පවතින සූදානම සහ  කර්මාන්ත ඉදිකිරීමට ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අද උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23 - 2 යටතේ පසුගියදා හම්බන්තොටදී පැවති විරෝධතාවට එල්ලවූ පහරදීම සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීමත් සමඟයි.

ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් පවතින්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වී පැයකට පමණ පසු එය මේ මස 24 වනදා දක්වා කල් තැබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories