සීමානිර්ණ වාර්තාව ගැන පක්ෂ නායක රැස්වීමක්

Monday, 09 January 2017 - 13:46

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සීමානිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට පාර්ලිමේන්තුමේදී ආරම්භ වී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම වාර්තාවට කමිටු සාමාජිකයින් පස්දෙනාගෙන් හතරදෙනෙකු මේ වනවිට අත්සන් තබා තිබෙනවා.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා වන ඒ.එස්.එම්.මිස්බා එම වාර්තාවට මෙතෙක් අත්සන් කර නැහැ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති රැස්වීමට සියලුම පක්ෂ නායකයින් මෙන්ම පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි සහ සීමා නිර්ණ කමිටු සාමාජිකයින් එක්ව සිටිනවා.

කෙසේ වෙතත් හෙට දිනයේ යළි අදාළ කමිටු වාර්තාව පළාත්පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දීමට නියමිත බවයි වාර්තාවන්නේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories