පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1850 ක් අල්ලයි

Monday, 09 January 2017 - 13:49

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+1850+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පොළොන්නරුව - කඳුරුවෙල මුස්ලිම් කොළණිය ගම්මානයේ මෝල් සංකීර්ණයක තිබූ පරිභෝජනයට නුසුදුසු කිලෝග්‍රෑම් 1850 ක සහල් තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා තිබෙනවා.

මෙම සහල් 2014 - 2015 කාලය තුළදී ඉන්දියාවෙන් ආනයනය කරන ලද පොන්නි සම්බා තොගයක් බවටයි අනාවරණ වී ඇත්තේ.   

මෙම සහල් මෝල්වලට රැගෙනවිත් කීරි සම්බා බවට පත් කර වෙළඳපොලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී ඊයේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ මෙම වැටලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරින් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින් ද එක්ව සිටි බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories