සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2477ක් පොලීසියට අනුයුක්ත කෙරේ

Monday, 09 January 2017 - 15:56

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+2477%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2477 දෙනෙකුට අධික පිරිසක් හෙට සිට පොලිස් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම සඳහන් කළා.

පොලීසියේ පවතින නිලධාරී හිඟයට පිළියමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් නියෝගයකට අනුව මෙම පිරිස අනුයුක්ත කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

දැනටමත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවසිය පනස් දෙදෙනෙකු පොලීසියට ලබාදී තිබෙනවා.

ඉදිරියේදී පුරාවිද්‍යා සංරක්ෂණයට සහ වන අලි මෙහෙයුම් සඳහා ද නිලධාරීන් පුරාවිද්‍යා සහ වනජීවි දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories