ජැක් - මා, ට්‍රම්ප් හමුවේ

Tuesday, 10 January 2017 - 10:07

%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%8F%2C+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
චීනයේ මුල් පෙළේ ප්‍රකෝටිපතියෙකු වන අලි බාබා අන්තර් ජාල වෙළඳ ව්‍යාපාරයේ හිමිකරු ජැක් - මා, ඊයේ නිව්යෝක් නුවර දී ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසුණා.

ඔවුන් දෙදෙනා ඇමරිකාවේ රැකියා උත්පාදනය මෙන්ම ආසියාකරය සමඟ ඇමරිකාවේ වෙළඳ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන්.

ඇමරිකානුවන් මිලියනයකට රැකියා උත්පාදනය කිරීමට තමන්ට හැකියාවක් ඇති බවයි ජැක් - මා මීට පෙර ප්‍රකාශ කළේ.

චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස ජැක් - මා, ලැබූ සාර්ථකත්වය මෙහිදී ට්‍රම්ප්ගේ ප්‍රසාදයට ලක්වූ බව විදෙස් වාර්තා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories