ඉරානයේ හිටපු ජනපති රෆන්ජානිගේ අවමංගල්‍යය අද

Tuesday, 10 January 2017 - 14:35

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ඉරානයේ හිටපු ජනාධිපති අක්බාර් හෂෙමි රෆන්ජානිගේ අවසන් කටයුතු පැවැත්වෙන අද දිනයේ ටෙහෙරාන් අගනුවරට ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක්රැස්වී සිටිනවා.

1989 වසරේ සිට 1997 දක්වා ඉරානයේ ජනාධිපති ධුරය හෙඹවූ රෆන්ජානි වයස අවුරුදු 82ක්ව සිටියදී පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත වුණා.

ඔහු වෙනුවෙන් ඉරානය ඊයේ සිට තුන් දින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා.

මධ්‍යස්ථ මතධාරියෙකු වන හිටපු ජනාධිපති රෆන්ජානිගේ අවමංගල්‍යය සඳහා දැඩි මතධාරී දේශපාලනඥයන් ද සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.

හිටපු ජනාධිපතිවරයාගේ දේහය ඉරාන විප්ලවයේ නායක අයතුල්ලා කොමේනිගේ සුසානය ආසන්නයේ මිහිදන් කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories