හිරු ටීවී තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

Tuesday, 10 January 2017 - 17:21

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට නිරතුරුවම නවමු අත්දැකීම් එක්කරන හිරු ටීවී තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

මෙවර හිරු ටීවී වෙත මෙම සම්මානය පිරිනැමුවේ ලොව ප්‍රකට යූ ටියුබ් ආයතනය විසින්.

ලොව අංක එකේ වීඩියෝ හුවමාරු කරගන්නා වෙබ් අඩවිය වන යූ ටියුබ් විසින් මෙම සම්මානය හිරු ටීවී වෙත පිරිනැමුවා.

යූ ටියුබ් සිල්වර් ප්ලේ බට්න් අවෝඩ් ලෙස නම්කර ඇති එම සම්මානය හිරු ටීවී වෙත පිරිනැමීමට හේතු වූයේ යූ ටියුබ් වෙබ් අඩවියේ වැඩිම ග්‍රාහක සංඛ්‍යාවක් හිමිකරගැනීමයි.

ලොව පුරා සුවිශේෂී යූ ටියුබ් නිර්මාණකරුවන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමෙන අතර මෙවන් සම්මානයක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක් හිමිකරගත්තේ ප්‍රථම වරටයි.

හිරු ටීවී යූ ටියුබ් නාලිකාව හරහා නැවුම් වැඩසටහන් ගොන්නක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත නිරතුරුව සමීප කෙරෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories