වසරේ මුල් දින 10 දී ඩෙංගු රෝගීන් දහසක්

Wednesday, 11 January 2017 - 12:16

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+10+%E0%B6%AF%E0%B7%93+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් දහසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ ඩෙංගු රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයින් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය වසරේදී වැඩිම මදුරු කීටයන් හමුවී ඇත්තේ නිවාස ආශ්‍රිත පරිශ්‍රවලින් වන අතර, එම සංඛ්‍යාව 35,097 ක්. එමෙන්ම, පාසල් 667 කින් ඩෙංගු මදුරු කීටයින් හමුවුණා.

එලෙස මදුරුවන් බෝ වන අයුරින් පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 81 කට එරෙහිව නඩු පවරා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඩෙංගු වලින් තොර පාසල් පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් ද සියලුම විදුහල්පතිවරුන් වෙත යොමුකර තිබෙනවා.

මේ අතර, ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ මෙතෙක් සිදුකළ කීට විද්‍යා සමීක්ෂණයන්හි සංශෝධනයක් සිදුකර ඇති බව කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories