නිදහස් පක්ෂයේ තීරණය මත තීන්දුවක් ගන්න මහින්ද සැරසේ

Wednesday, 11 January 2017 - 19:08

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය මත, 2020 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, අද සිය ට්විටර් ගිණුම හරහා ජනතාවගෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

2020 වසරේ නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත්වුවහොත් ගන්නා තීරණය කුමක්දැයි මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පැණයක් යොමුවූ අතර ඊට අදාළව ඔහු මෙම පිළිතුර ලබාදුන්නා.

එසේම තමන් මැතිවරණවලට ඉදිරිපත් වන්නේ ජයග්‍රහණය කිරීමට මිස හිතාමතා පරාජයවීමට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම මගින් අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ සිදුකරන දේශපාලන දඩයම නවතා එය නීත්‍යානුකූල ආයතනයක් බවට පත් කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් දීමට තමන් කටයුතු කරන බවයි.

ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ද මෙහිදී ඔහුට පැණයක් යොමු වුණා. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ තමන් මෙම ගිවිසුමට සම්පූර්ණයෙන් විරුද්ධ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories