මහනුවර මුද්‍රා තැබුණු වාට්ටුව ඉන්ෆ්ලූවෙන්සා රෝගීන්ට වෙන් කෙරේ

Thursday, 12 January 2017 - 7:09

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඉන්ෆ්ලූවෙන්සා රෝගය පැතිරයාම හේතුවෙන් මුද්‍රා තැබුණු  මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන 69 වන වාට්ටුව මේ වනවිට යළි විවෘත කර තිබෙනවා.

මහනුවර රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම වාට්ටුව ඉන්ෆ්ලූවෙන්සා රෝගීන්ට පමණක් වෙන් කර ඇති බවයි.

රෝගය පැතිරයාම නිසා එම වාට්ටුව සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කිරීමටද පියවර ගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා 69 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තුන්දෙනෙකු මියගිය අතර පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වූයේ ඉන් දෙදෙනෙකුට ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසය වැළඳී ඇති බවයි.  

ඉන් අනතුරුවයි අදාළ වාට්ටුවට මුද්‍රා තැබීමට බලධාරීන් පියවර ගනු ලැබුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories