විමල් සිල් ගනී

Thursday, 12 January 2017 - 12:35

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (12) සිල් සමාදන් වී තිබෙනවා.

ඒ මැගසින් බන්ධනාගාරයේ පිහිටි විහාරස්ථානයේයි.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගැණුනු විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ජාතික බලවේග නියෝජනය කරන මන්ත්‍රීවරුන් දඩයම් කිරීමේ සැලැස්ම ආණ්ඩුව ආරම්භ කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories