ශාන්ති කර්මයක් අතරතුර දියරයක් විෂ වී කාන්තාවක් මරුට (ඡායාරූප)

Thursday, 12 January 2017 - 14:08

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශාන්ති කර්මයකට පැමිණි කාන්තාවකට පානය කිරීම සදහා දේවාලයක කට්ටඩියෙකු විසින් ලබාදුන් දියරයක් විෂ වීමෙන් එම කාන්තාව මියයාමේ පුවතක් කුලියාපිටිය - දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත - බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක්.

සැමියාගෙන් වෙන්ව සිටින මෙම කාන්තාව තමන්ට බලපා  ඇති අපල හා කිසියම් දෝෂ සහිත තත්ත්වයකට පිළිසරණක් ලබා ගැනීමට සිය ඥාතී නැගණියක් ද සමග වැලිපැන්නගහමුල්ල - පාලියාගාර වැව අසල පිහිටි දේවාලය වෙත ඊයේ (11) පැමිණ තිබෙනවා.

එහිදී දේවාලයේ කට්ටඩියා, ආරූඨයෙන් මෙන් ලබාදුන් කිසියම් දියරයක් පානය කිරීමට ලබාදී තිබෙනවා.

අනතුරුව, ආසාත්මිකතාවයකට පත් එම කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි දුම්මලසූරිය පොලිසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කට්ටඩියා, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories