බුදුන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂී පූජාවක්

Friday, 13 January 2017 - 7:03

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බුදුන් වහන්සේ වෙනුවෙන්වූ සුවිශේෂී ආමිස පූජාවක් සිදු කරන පිරිසක් පිළිබඳ පුවතක් අපට අනුරාධපුර ආඩියාගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ බුදුන් මලින් පුදන්නට අක්කර 20ක් පුරා සිදුකරන කළ මල් වගාවක්.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආඩියාගල ගම්මිරිස්වැව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මේ කටයුත්තට මුල පුරා තිබෙනවා.

ඔවුන් ප්‍රදේශයේ දානපතියන් පිරිසක් සමග එක්ව අක්කර 20ක මේ සුන්දර දාස් පෙතියා මල් වගාව සිදු කරන්නේ අලෙවි කිරීමේ පරමාර්ථය අමතක කරමින්.

මේ වගාව ඔවුන් පවත්වාගෙන යන්නේ  බුදුන් වහන්සේ වෙනුවෙන්  පූජා කිරීමේ ඒකායන බලාපොරොත්තුවෙන්.

ඒ පින්බර සිතුවිල්ල හේතුවෙන්ම වගාව සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පිරිස නොමිලේ ලබා තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories