ලොතරැයි අලෙවිය සියයට 40 කින් අඩුවේ

Friday, 13 January 2017 - 12:33

%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+40+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ලොතරැයි පතක මිල රුපියල් 30 ක් දක්වා ඉහළ නැංවීමෙන් පසු ලොතරැයි අලෙවිය සියයට 40 කින් පහත වැටී ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික ඇලෙක්ස් ප්‍රනාන්දු අප කළ විමසීමකදී සඳහන් කළේ රුපියල් 30 ක මිලට ලොතරැයි පතක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් මැලි වන බවයි.

මේ අනුව, කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ගැටලූව පිළිබඳව බලධාරින් සමඟ ඉදිරි සතියේදී සාකච්ඡාවක් සිදුකරන බවයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඇලෙක්ස් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධනගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ පාරිභෝගිකයන් ලොතරැයිපත් මිලදී ගැනීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් නොකරන බවයි.

ලොතරැයි අලෙවි නියෝජිතයන් අලෙවියෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ගයෙන් පසු සේවකයන් සේවයට වාර්තා කිරීමේ අඩුවක් පවතින බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එය නුදුරේදීම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories