ඇමරිකාවට එරෙහිව චීනය හා රුසියාව එක්වෙයි

Friday, 13 January 2017 - 12:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව විසින් දකුණු කොරියාවේ මිසයිල නාශක පද්ධතියක් යෙදවීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට චීනය සහ රුසියාව අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා.

චීන - රුසියානු ආරක්ෂක හමුවක් ෂැංහයි නුවරදී පැවැති අතර, එහිදී තීරණය වී ඇත්තේ කලාපයේ උපක්‍රමීය සමබරතාව පවත්වා ගැනීම සඳහා චීනය හා රුසියාව එක්ව කටයුතු කළ යුතු බවටයි.

තාඩ් ලෙස නම් කෙරුණු ප්‍රතිමිසයිල පද්ධතිය දකුණු කොරියාවේ සවි කෙරෙන්නේ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට පිළිතුරක් ලෙස බවයි ඇමරිකාව ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, ඉන් අනතුරුව චීනය හා රුසියාව දකුණු චීන මුහුදේ ඒකාබද්ධ මිසයිල නාශක අභ්‍යාසයකද නිරත වුණා.

එමෙන්ම, එහි දෙවන අදියරද මේ වසරේ ක්‍රියාත්මක කිරීමටයි චීන සහ රුසියානු බලධාරීන් සැලසුම් කර ඇත්තේ.

ඇමරිකානු මිසයිල නාශක පද්ධතියේ ප්‍රබල රේඩාර් මගින් රුසියානු සහ චීන ආරක්ෂක සන්නිවේදනයන්ට බාධා එල්ල විය හැකි බව සදහන්.

එමගින් කොරියානු අර්ධද්වීපයේ උණුසුම අවම කිරීමට කිසිදු සහයක් නොලැබෙන බවත්, චීනය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories