ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනිය ඉල්ලා අස්වෙයි

Friday, 13 January 2017 - 12:59

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ  ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි සූසන් ලේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා ඇය ඉදිරිපත් කළ ලිපිය අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

වයෝවෘද්ධ සත්කාර සහ ක්‍රීඩා පිළිබද  ඕස්ට්‍රේලියානු ඇමතිනිය වන සූසන් ලේ, කුවින්ස්ලන්තයේ නිවාඩු නිකේතන ප්‍රදේශයක නිවහනක් පසුගියදා මිලදී ගෙන තිබෙනවා.

ඒ සදහා සිදුකළ ගමන් බිමන් වලට ඇය රජයෙන් මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories