චීනයෙන්, ඇමරිකාවට අනතුරු ඇගවීමක්

Friday, 13 January 2017 - 14:11

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දකුණු චීන මුහුදේ පිහිටි අයිතිය පිළිබද මතභේදයට තුඩු දුන් දිවයින් පෙළට ප්‍රවේශය අවහිර කළ හැක්කේ යුද්ධයකින් පමණක් බව චීනය පවසනවා.

චීන රජයේ මාධ්‍ය අද මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රාජ්‍ය ලේකම්වරයා ලෙස නම් කර සිටින රෙක්ස් ටිලර්සන් කළ ප්‍රකාශයකටයි.

දකුණු චීන දිවයින් වලට චීනයේ ප්‍රවේශය අවහිර කළ යුතු බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

එහෙත් ඒ සදහා මහා පරිමාණ යුද්ධයක් දියත් කිරීමට ඇමරිකාවට සිදුවනු ඇතැයි චීන රජයේ පාලනය යටතේ පවතින ඉංග්‍රීසි බසින් පළවන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත අද සිය කතුවැකියෙන් සදහන් කළා.

මෙම දිවයින් වලට චීනය පමණක් නොව වියට්නාමය, පිලිපීනය, බෲනායි, මැලේසියාව සහ තායිවානය ද හිමිකම් කියනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories