නියං සමයේ අඛණ්ඩ සැපයුමකට පෞද්ගලික අංශයෙන් විදුලිය

Saturday, 14 January 2017 - 12:49

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA
නියඟය හේතුවෙන් විදුලි අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම ඇතුළු විකල්ප ක්‍රමවේද කෙරෙහි විදුලිබල අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත ජලය බෙදා හැරීමේ කටයුතු සඳහා බවුසර් යොදා ගන්නා බවයි.

ඊට අමතරව ජල සම්පාදන මණ්ඩලය සතු ළිං මෙන්ම පිළිසකර කර ප්‍රයෝජනයට ගත හැකි ළිං යොදා ගනිමින් ජලය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එම මණ්ඩලයේ සභාපති ඒ.අන්සාර් කියා සිටියේ.

මේ අතර,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එච්.එම්.එස්.ප්‍රේමලාල් සඳහන් කළේ හෙට දිනයේදී උතුර සහ නැගෙනහිර පළාත්වලට සුළු වශයෙන් වැසි ඇති විය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories