රෝහල් විස්සක එච්.වන්.එන්.වන්. ගැන පරීක්ෂා අඛණ්ඩව

Saturday, 14 January 2017 - 18:18

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B7%80%E0%B6%B1%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B7%80%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
එච්.වන්.එන්.වන්. රෝගය වැළඳුණු රෝගීන් තුන්දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසු මහනුවර මහ රෝහලෙන් රෝගය ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා.

අද (14) පෙරවරුවේ මහනුවර මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදියි ඔහු එම අදහස් පළ කළේ.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂවරයාද ඊට එක්ව සිටි බව සඳහන්.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ එච්.වන්.එන්.වන්. රෝගය සම්බන්ධයෙන් දිවයිනේ රෝහල් විස්සක නිරන්තර නියැදි පරික්ෂා සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories