නියඟයට මුහුණ දෙන්න අමාත්‍යාංශ 05 ක් සීරුවෙන් - කුඹුරු අක්කර එක්ලක්ෂ 20,000 ක් අවදානමේ

Sunday, 15 January 2017 - 6:51

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+05+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A
පවතින නියං කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදාළ විෂය ක්ෂේත්‍රයන් නියෝජනය කරන අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා සතියකට වරක් රැස්වී සමාලෝචනයක යෙදෙන බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  ඕනෑම තත්ත්වයකට මුහුණදීමට රජය සූදානමින් සිටින බවයි.

කෘෂිකර්ම, වාරිමාර්ග, ආපදා කළමනාකරණ, විදුලිබල සහ බලශක්ති මෙන්ම ජලසම්පාදන අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ නිලධාරීන් සතියකට වරක් මෙලෙස හමුවී පවතින තත්ත්වයට මුහුණදීම පිළිබඳව සාකච්ඡා පවත්වනවා.

එසේම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ පැවසුවේ පවතින තත්ත්වය මත කුඹුරු අක්කර එක්ලක්ෂ 20,000 ක් පමණ විනාශ වීමේ අවදානමක් පවතින බවයි.

දැනට වගා කර ඇති කුඹුරු ඉඩම් සඳහා ජලය නිකුත් නොකළහොත් ජල මට්ටම අඩුවී ඇති ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව සියයට 10 දක්වා අඩුවනු ඇති බව ඔහු කියා සිටියා.

එසේ වුවහොත් පානීය ජල අර්බුදයද උග්‍රවන බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

හැකි උපරිම අයුරින් වගා කර ඇති කුඹුරු නියඟයෙන් බේරාගැනීමට උත්සාහ කරන බවද ඔහු සඳහන් කළා.   

මේ අතර, පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය, ජලය පමණක් නොව ආහාර ද්‍රව්‍යයද අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

නියඟය හරහා ඇතිවිය හැකි අහිතකර බලපෑම් අඩුකරගැනීමට එය අත්‍යාවශ්‍ය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ කෘෂිභෝග විනාශවීමේ අවදානමක් පවතින හෙයින් ආහාර සුරක්ෂිත කරගැනීම අත්‍යාවශ්‍ය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදහසයි.

එසේම ජලාශ සහ ගංඟාවල ජල මට්ටමද සීග්‍රයෙන් පහත වැටෙන තත්ත්වයක් දක්නට ලැබෙන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories