පාන් ඇතුලූ බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

Sunday, 15 January 2017 - 12:08

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ෆාම් ඔයිල් සහ මාගරින් ඇතුලූ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ බලධාරීන් කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් සිය නිෂ්පාදනවල මිල ගණන් නිසැක වශයෙන්ම ඉහළ නංවන බවයි.

මේ අතර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් ජලගාස්තු ද ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව එහි සේවකයින් චෝදනා කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උපාලි රත්නායක කියා සිටියේ අක්‍රමිකතා අවම කරගන්නේ නම් ජලගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මීට මාස කිහිපයකට පෙර ජල ගාස්තු ඉහළ නැංවීමට  යෝජනා කළ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මැදිහත්වීමෙන්  එය ක්‍රියාත්මක වූයේ නැහැ.

ඒ සඳහා සොයාබැලීමට කැබිනට් අනුකාරක කමිටුවක් පත් කළ අතර එහි වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතිනවා.

පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී කළ චෝදනාව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. අන්සාර්ගෙන් විමසීමක් කළා.  

ඔහු කියා සිටියේ ජලගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, මණ්ඩලයේ කිසිදු අක්‍රමිකතාවක්  සිදු නොවන බවත් වැඩිවන පිරිවැය හමුවේ ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව පෙනී යන බවත් ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories