මුතුරාජවෙල නිසා ජාඇල,දඬුගම උණුසුම් තත්ත්වයක් - නි. ඇමති රන්ජන්ට හූ සංග්‍රහයක් සමඟ ජල ප්‍රහාරයක්

Sunday, 15 January 2017 - 18:39

%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD%2C%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාඇල,දඬුගම ප්‍රදේශයේ වගුරුබිමක් ගොඩ කිරීමට පක්ෂව සහ විරුද්ධව පැවැති විරෝධතාවක් අතරතුර අද උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

මෙම වගුරුබිම ගොඩ කිරීම වහා නවත්වන ලෙස ජනාධිපතිවරයා ද පසුගිය දා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ අතර, විරෝධතාකරුවන් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ නියෝගය ද නොතකා අදාළ ගොඩ කිරීම් තවදුරටත් සිදුවන බවයි.

කෙසේ වෙතත්, උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැමිණීමත් සමඟ වගුරුබිම ගොඩ කිරීමට පක්ෂව උද්ඝෝෂණයේ නිරත පිරිස් ඔහුට දැඩි විරෝධයක් එල්ල කළා.

මුතුරාජවෙල තෙත් බිම් කලාපයට අයත් මෙම වගුරුබිම අවසරයකින් තොරව ගොඩ කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළා.

මේ පිළිබඳ සොයා බැලීමට පසුගිය දා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරුන් ඇතුලු  නිලධාරීන් පැමිණියත්, ඉඩම අයත් යැයි පැවසෙන පුද්ගලයින් ඊට ඇතුළුවීමට ඉඩ ලබා නොදුන් අතර, පසුව ඔවුන්ට සිදුවූයේ පොලීසිය සමඟ වෙනත් ස්ථානයකින් ඉඩමට ඇතුළුවීමටයි.

ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි කියා සිටියේ මෙවැනි ගොඩ කිරීමක් සඳහා අනුමැතියක් ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම නිලධාරීන් අදාළ දිනයේ පරීක්ෂා කර පිටව ගිය පසුත් ගොඩ කිරීම් සිදුවූ බව අද පැවැති විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් චෝදනා කළා.

මෙම ස්ථානයට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා දෙසට වගුරුබිම ගොඩ කිරීමට පක්ෂ වූවන් ජල ප්‍රහාරයක් ද එල්ල කළා.

මෙම විරෝධතාවය නිසා මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද අද පෙරවරුවේ බාධා එල්ල වුණා.

වගුරුබිම ගොඩ කිරීමට විරුද්ධව පැවැති විරෝධතාවය සඳහා කතෝලික පූජකවරුන් ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories