භාර නොවූ හමුදා සාමාජිකයන් සොයා පොලීසියෙන් මෙහෙයුම්

Monday, 16 January 2017 - 7:30

%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
පොදු සමා කාලය තුළ දී ආරක්ෂක හමුදාව වෙත භාර නොවූ හමුදාව හැරගිය සාමාජිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පොදු සමා කාලය තුළ දී නිවාඩු නොලබා සේවයට වාර්තා කර නොමැති තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 42,500ක් පමණ භාරවීමට සිටින බවයි.

පොදු සමා කාලය තුළ ආරක්ෂක අංශ වෙත භාරනොවූ හමුදා සාමාජිකයන් සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

නිවාඩු නොලබා සේවයට වාර්තා කර නොමැති ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අදාළ හමුදා අනුඛන්ඩයන්ට භාරවීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මස 1 වන දා සිට 31 වන දා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළා.

එම කාලය තුළ නිලධාරීන් 39 දෙනෙකු සහ සෙසු නිලයන්වල  8000 කට අධික සංඛ්‍යාවක් යළි හමුදාව වෙත භාර වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories