පෙරහර මංගල්‍යයට අලි ඇතුන් ලබාගැනීමේ ගැටළුවක්

Monday, 16 January 2017 - 9:32

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෙම වසරේදී පෙරහර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් ලබාදීමේදී ගැටළුවක් මතුවිය හැකි බව හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානය පවසනවා.

රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ කියා සිටියේ පෙරහර සඳහා පුහුණු කරන ලද අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් අලි අනාථාගාරය වෙත යොමු කර ඇති බැවින් ගැටළුකාරී තත්ත්වයක් මතු වී ඇති බවයි.

මෙලෙස අලි අනාථාගාරයට භාරදී ඇති අලි ඇතුන් දේවාල, විහාරස්ථාන වෙත මුදා හරින ලෙස සහ අලි සම්පත රැක දෙන ලෙස ඉල්ලමින් හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානය, කතරගම දේවාලය වෙත ගොස් පූජාවක්ද පවත්වනු ලැබුවා.

ඉන් අනතුරුව එම සංවිධානයේ නියෝජිතයින් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාද හමුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories