බත්තලංගුණ්ඩුව දූපතේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Monday, 16 January 2017 - 11:09

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කල්පිටිය - බත්තලංගුණ්ඩුව දූපතේදී එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම නිලධාරීන් දෙදෙනා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර, බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙකු පසුව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඊයේ රාත්‍රියේ මෙලෙස පහරකෑමට ලක්වුණේ කල්පිටිය පොලීසියට අනුයුක්තව බත්තලංගුණ්ඩුව දූපතේ පිහිටි පොලිස් මුරපොලේ සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

එම දූපතේ තාවකාලිකව පදිංචි වී සිටින ධීවරයෙකු ඊයේ රාත්‍රියේ පොලීසිය වෙත පැමිණිලි කර තිබුණේ තම පුත්‍රයා සිය නිවසේ කළහකාරී ලෙස හැසිරෙන බවයි.

ඒ අනුව අදාළ නිලධාරීන් දෙදෙනා එහි ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරු කොස්තාපල්වරුන් දෙදෙනාටද තියුණු ආයුධයකින් පහරදී  ඇති බවයි පොලීසිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories