එජාපය නොමැතිව සීමානිර්ණ කමිටු වාර්තාව අද ඇමතිට

Tuesday, 17 January 2017 - 7:52

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
සීමානිර්ණය අභියාචනා කමිටු වාර්තාවට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාගේ අත්සන නොමැතිව අද දිනයේදී විෂය භාර අමාත්‍යවරයාට වෙත භාර දෙන බව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් පවසනවා.

සීමානිර්ණ අභියාචනා කමිටුවේ සිටින එක්සත් ජාතික පක්ෂ නියෝජිත නීතිඥ ඒ.එස්.එම්.මිස්බා මෙතෙක් එම කමිටු වාර්තාවට අත්සන් කර නැහැ.

කමිටුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව්, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ දෙමළ ජාතික සන්ධානයේ මහාචාර්ය පී. බාලසුන්දරන් පිල්ලේ මීට පෙර මෙම වාර්තාවට අත්සන් කර තිබෙනවා.

පසුගිය 2 වන දා මෙම කමිටුවේ වාර්තාව මුල් වරට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දුන් නමුත් ඔහු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ කමිටු සාමාජිකයන් දෙදෙනෙකුගේ අත්සන් ඊට ඇතුළත් නොවීම හේතුවෙන්.

එම වාර්තාව අමාත්‍යවරයා වෙත භාර දෙන අවස්ථාවේදී නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊට අත්සන් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, පසුව නිදහස් සන්ධාන නියෝජිතයා මෙම කමිටු වාර්තාවට අත්සන් කළා.

මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ කියා සිටියේ පවතින තත්ත්වය තුළ එළඹෙන අප්‍රේල් 30වන දාට පෙර මැතිවරණයක් පැවැත්වීම අපහසු බවයි.  

මැතිවරණ ක්‍රියාවලිය සඳහා තරුණ හා කාන්තා දායකත්වය වර්ධනය කර ගැනීමෙහිලා ජනමාධ්‍යවේදීන් සතු කාර්ය භාරය මැයෙන් කොළඹ ඊයේ පැවැති සාකච්ඡාවක් අතරතුරයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories