නියඟය ගැන ජාත්‍යන්තර ප්‍රජාවත් දැනුවත් කරයි

Tuesday, 17 January 2017 - 8:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉදිරියේදී මතුවිය හැකි නියං සහිත කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එහි මෙරට නිත්‍ය නියෝජිත සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරිනී, උනා මැකියුලේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

එම හමුවේදී ඇය මේ බව කියා සිටියේ.

එහි පළමු පියවර ලෙස නියං තත්ත්වය පිළිබද පරීක්ෂා කිරීම, සමීක්ෂණය හා සන්නිවේදනය යන ක්ෂේත්‍රවලට විශේෂඥ දැනුම ලබාදීමට තීරණය කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories