ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් බදු සහනය යළි ලබාදීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58කට එකඟ වී ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දැනට සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් කරන දිරි ගැන්වීමක් ලෙස යුරෝපා වෙළදපොළ වෙත පිවිසීමේ ඉඩකඩ පුළුල් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇති බවයි.
එය ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසිවලට එකඟවීමක් නොව වර්තමාන ආණ්ඩුව විසින් රට තුළ යහපාලනය ඇති කිරීම සම්බන්ධයෙන් ලබාදෙන දිරිගැන්වීමක් බවයි එහි දැක්වෙන්නේ.
තිරසර සංවර්ධනය, මානව හිමිකම් සහ යහපාලනය කෙරෙහි ශ්‍රී ලංකාව අඛණ්ඩව කැප වීම අගය කිරීමේ පදනම මත මෙම සහනය ලබාදීමට යුරෝපා කොමිසම යෝජනා කර ඇති බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.

Follow US
Most Viewed Stories