ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට ලක් රජයටත් ආරාධනා

Tuesday, 17 January 2017 - 13:17

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලක් රජයටද ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමරිකාවේ මෙරට තානාපති ප්‍රසාද් කාරියවසම් සහභාගි වීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් මේ මස 20 වැනිදා එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දෙනු ලබන්නේ ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙසයි.

ලබන 20 වැනිදා පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයට රාජ්‍ය නායකයින් රැසකට ආරාධනා කර ඇති අතර හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් වන ජිමී කාටර්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බැරක් ඔබාමා සහ ඔවුන්ගේ බිරින්දෑවරු සහභාගි වන බව දැනටමත් දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයට තරඟ කළ හිලරි ක්ලින්ටන්ද මෙම උත්සවයට සහභාගි වන බවට ප්‍රකාශ කර අවසන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories