ජා.නි.පෙ තවත් සාමාජිකයෙක් FCIDයේ

Tuesday, 17 January 2017 - 14:01

%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B7%9A
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.

පෙරවරු 9.45ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි ඔහුගෙන් මේ වන විට ප්‍රශ්න කරන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතා කිරීමේ චෝදනාවටයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරයාව මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ද ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටියේ  පසුගිය රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ අතර, රිමාන්ඩ් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශගේ සුව දුක් බැලීමට එම පක්ෂයේ සාමාජිකයින් සහ කලාකරුවන් පිරිසක් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories