ජලාශ රැසක ධාරිතාව හතරෙන් එකට බසී

Tuesday, 17 January 2017 - 18:22

%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
පවතින නියඟයත් සමඟ ප්‍රධාන ජලාශවල ජලමට්ටම තවදුරටත් සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග හා ජලකළමනාකරන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්. රත්නායක පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වනවිට දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සියයට 25 ක මට්ටමේ පවතින බවයි.  

එසේම ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බලපා ඇති අධික නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ හයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර ගොවිතැන් විනාශ වී ඇති නිසා වගා කටයුතු සඳහා ලබාගත් ණය මුදල් කපා හරින ලෙසයි ගොවීන්  රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර සුළං ප්‍රවාහය වෙනස්වීම නිසා ජනවාරි 20 වනදා සිට දිවයිනේ උතුර සහ නැගෙනහිර කොටස්වලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම ඉදිරියේදී පවතින ශීත කාලගුණික තත්ත්වය තාවකාලිකව අඩුවනු ඇතැයි සඳහන්.

එසේම බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල උදය කාලයේ තවදුරටත් මීදුම් තත්වයක් බලාපොරොත්තුවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories