කම්හලකට එරෙහිව මිනුවන්ගොඩ පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්

Wednesday, 18 January 2017 - 13:21

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මිනුවන්ගොඩ - කොටදෙණියාව පොලිසිය ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් අද (18) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ කොටදෙණියාව - ඕතර ප්‍රදේශයේ මාඔයට මායිම්ව ඉදිකිරීමට සැලසුම් කර ඇති කර්මාන්තශාලාවකට විරෝධය පළකරමින්.

ප්‍රදේශවාසීන් සදහන් කළේ අදාළ කර්මාන්තශාලාවට ජලය ලබාගැනීම සදහා මාඔයට මායිම්ව ඉදිකෙරෙන විශාල ප්‍රමාණයේ ජල ටැංකියක් හේතුවෙන් කොටදෙණියාව ඇතුළු ප්‍රදේශ රැසක ළිං සිදීයාමේ අවදානමක් පවතින බවයි.

ඒ පිළිබදව සොයා බලන ලෙස කොටදෙණියාව පොලිසියට පැමිණිලි කළ ද එහි බලධාරින් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවයි විරෝධතාවයට එක්වූවන් සදහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories