හික්කඩුව මුහුදේදි හෙරොයින් කිලෝග්‍රෑම් 111ක් සමඟ අත්අඩංගුවට ගත් 16 දෙනාට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම නඩුව අද(18) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු සොයාගත් මෙම හෙරොයින් තොගයෙහි තිබූ ශුද්ධ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 48ක් බවටද අධිකරණයේදී අනාවරණය වුණා.
හික්කඩුව මුහුුදු තීරයේදී ඉරාන නෞකාවකින් ගෙනවිත් මෙරට නෞකාවකට පටවමින් සිටියදී මෙම හෙරෝයින් කිලෝග්‍රෑම් 111 සමඟ විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේයි.
අද පෙරවරුවේ නඩුව කැදවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන සිටින පාකිස්ථානු ජාතිකයන් 03 දෙනාට ඇප ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ මේ පිළිබඳ සලකා බැලීම මාර්තු මස 14 වැනිදා සිදු කරන බවයි.
මේ අතර, කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 928 සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනතුරු එම නඩුව බහා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර අද නියෝග කළා.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියා සිටියේ මෙම සිද්ධියට අදාල විමර්ශණ මෙතෙක් අවසන් නොමැති බවයි.
එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නාතුරු නඩුව බහා තැබීමටයි.
ඉක්වදෝරයේ සිට පැමිණි නෞකාවක තිබී මෙම කොකේන් තොගය සොයා ගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මස 08 වැනිදායි.

Follow US
Most Viewed Stories