නියඟයට මුහුණදීම පිළිබඳ ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Wednesday, 18 January 2017 - 18:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එළඹිය හැකි නියං තත්ත්වයකදී හදිසි තීරණ ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

ඒ, නියං තත්ත්වයක් සඳහා මුහුණදීමට අමාත්‍යාංශ මට්ටමින් ඇති සූදානම පිළිබඳ විමසා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී.

එළඹිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණ දෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම් පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

එහිදී පීඩාවන් අවම කරගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී හදිසි තීරණ ගැනීම සඳහා විදුලිබල, මහවැලි, ජල සම්පාදන යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ජල මූලාශ්‍ර ආරක්ෂා කරගනිමින් නියං තත්ත්වයන් අවම කරගැනීම සඳහා ගත යුතු පියවරයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

දැනට සිඳී ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories