චීන - ඉන්දියා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම් ජූනි මාසයට පෙර

Wednesday, 18 January 2017 - 18:07

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%96%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB
ලෝකයේ විශාලතම වෙළඳපොලවල් 03 කට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා විවර කිරීමට ළඟදීම අවස්ථාව උදාවන බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරාධනා කළා.

ඒ, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදීයි.

ලෝක ආර්ථික සමුළු පරිශ්‍රයේ පිහිටි මාධ්‍ය ගම්මානයේ ඊයේ පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ව්‍යාපාර කටයුතු පහසු කිරීම ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි.

ලබන ජුනි මාසයට පෙර චීනය, සිංගප්පූරුව සහ ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියා.

මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ අද වනවිට ශ්‍රී ලංකාව මූල්‍ය ඒකාග්‍රතාව වර්ධනය කරගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories