ගම්මන්පිල FCID විරෝධයක

Wednesday, 18 January 2017 - 18:21

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+FCID+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලු පිරිසක් අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ආසන්නයට පැමිණ විරෝධතාවක නිරතවුණා.

ඒ, වාහන අවභාවිත සිද්ධියකට විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළව එවකට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ආශු මාරසිංහ අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින්.

විරෝධතාකරුවන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණීමට නියමිතව තිබුණද ඊට පෙර පොලීසිය එම ස්ථානයට ළඟාවීමට හැකි කොටුව - චැතම් වීථිය ඇතුලූ පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා ස්ථාන තුනකින් වසා දමා තිබුණා.

අනතුරුව ඔවුන් චැතම් වීථියේ ප්‍රවේශය අසළ විරෝධතාවයේ නිරතවීම විශේෂත්වයක්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මඋදයශාන්ත ඇතුලු පළාත්පාලන නියෝජිතයින් පිරිසක් අද රුහුණු කතරගම මහා දේවාලයේ පොල් ගසා දේව කන්නලව්වක්ද සිදුකරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories