සිලාවතුර - මල්වතු ඔයේ වැලි ජාවාරම නතර කරයි

Thursday, 19 January 2017 - 7:12

%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මඩකලපුව - සිලාවතුර ප්‍රදේශයෙන් මල්වතු ඔයේ දීර්ඝ කාලයක සිට සිදුකරන ලද වැලි ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කිරීමට වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය පියවර ගෙන තිබෙනවා.

ඒ, පසුගිය දින කිහිපය තුළම සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය වසරේ සිට මෙම වැලි ජාවාරම නතර කිරීම සඳහා වැටලීම් සිදුකළ  අතර, ඊට අදාළව පුද්ගල අත්අඩංගුවට ගැනීම්ද සිදුව තිබෙනවා.

දිනකට වැලි ටිපර් 50 ත් 100 ත් අතර සංඛ්‍යාවක් මල්වතු ඔයෙන් ගොඩදමන බවටයි වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories