ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම සහ තවත් අයෙක් පෙබරවාරි මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොක්සි අද නියෝග කළා.
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දුනුකොළ මිලදී ගැනීම තුළින් රුපියල් මිලියන 125 ක මුදලක් අවභාවිතා කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවනවා.
අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු ප්‍රධාන මූල්‍ය කළමනාකාරවරයා නම් කරන බවයි.
තමන්ට ඇප ලබාදෙන ලෙස ශෂී වෙල්ගම මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ පිළිබඳ විරුද්ධත්වයක් ඇත්නම් එය පෙබරවාරි මස 2 වනදාට දැනුම්දෙන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට දැනුම්දී තිබෙනවා.
ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් සේනාධීරට මාර්තු මස 3 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා.
ඒ, අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන ආකාරයට පුවත් පළ කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති නීතීඥ මදුර විතානගේ සහ තවත් අයෙකු විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදියි.
මෙම පෙත්සම අද සළකා බැලුනේ ප්‍රියන්ත ජයවර්ධන, අනිල් පෙරේරා සහ ප්‍රියසාද් ඩෙෆ් යන ත්‍රිපුද්ගල ශ්රේෂ්ඨධිකරන විනිසුරු මඩුල්ල හමුවේයි.

Follow US
Most Viewed Stories