පැදුරු - කොට්ට රැගෙන ජවිපෙ සමන්ත - ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට

Thursday, 19 January 2017 - 13:06

%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ සත්‍යග්‍රහයක නිරතවනවා.

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූ පවුල් 15 ක පිරිසක්ද සමඟ පැදුරු කොට්ට රැගෙනවිත් මෙම සත්‍යග්‍රහය සිදුකරන බවයි වාර්තාවන්නේ.

පසුගිය 3 වනදා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූ පවුල් 100 ක් සඳහා පසුගිය 15 වනදා වනවිට නිවාස ලබාදීමට පොරොන්දු වී තිබුණා.

කෙසේ වෙතත් අද වනතුරුත් බලධාරීන් එම පොරොන්දුව ඉටුකර නැති බවයි උමාඔය බහු කාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසන්නේ.

ඊට විසඳුමක් ලැබෙනතුරු  තමන් පීඩාවට පත්වූවන් සමඟ සත්‍යග්‍රහයේ නිරතවන බව ඔහු තවදුරටත් කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories