ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළඳ ගිවිසුමක්

Thursday, 19 January 2017 - 13:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ද්විපාර්ශවික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත් කඩිනමින් නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමටත් අවශ්‍ය පියවර ගතයුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් පවසනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ඩාවොස් නුවර දී හමුවූ අවස්ථාවේදියි.

ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා පාකිස්තානයේ සංචාරයකට පැමිණෙන ලෙස නවාස් ෂරීෆ්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ආරාධනයක්ද සිදුකළා.

දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සහ ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවක් බව පෙන්වාදුන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ත්‍රස්තවාදය දුරලීම සහ දුප්පත්කම තුරන් කිරීම සම්න්ධයෙන් මූලික භූමිකාවක් නිරූපනය කිරීමේ වැදගත්කමද අවධාරණය කළා.

ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක්  ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමේ වැඩසැලැස්ම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නවාස් ෂරීෆ් වෙත කරුණු පැහැදිළි කර තිබෙනවා.

මේ අතර ලෝක ආර්ථික සමුලුවට එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ එරික් සෝල්හයිම් හමුව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් සහ හරිත මූල්‍ය පරිසරයක් සැකසීම සඳහා විශේෂඥ උපදෙස් ලබාගැනීමටයි.

මෙම සාකච්ඡාවේදී යළි වන වගා කිරීම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු හුවමාරු කරගෙන තිබෙනවා.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories