දකුණ හෙල්ලූ ඝාතන රැසකට සම්බන්ධ 6 ක් අත්අඩංගුවට

Thursday, 19 January 2017 - 15:54

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
එකම පවුලේ තුන්දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 3 ක්, පිස්තෝල 3 ක් සහ ඒ සදහා භාවිතා කරන පතොරම් තොගයක් ද සොයා ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඇල්පිටිය, අම්බලන්ගොඩ සහ මීටියාගොඩ යන ප්‍රදේශවල පසුගිය වසරේ සිදුවූ ඝාතන සිද්ධීන්වලට අදාළවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉඩම්තොට ප්‍රදේශයේදී ඇඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ කුඩා දරුවෙකු ඝාතනය කිරීම, මෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම ඇතුළු තවත් ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරු මතයි මෙම සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories