ඉතාලි හිමිපතනයෙන් යටවූ සංචාරක හෝටලයේ ජීවිතාරක්ෂක මෙහෙයුම තවදුරටත්

Friday, 20 January 2017 - 8:07

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
මධ්‍යම ඉතාලියේ අබෲසෝ ප්‍රදේශයේ හිමපතනයෙන් යටවූ සංචාරක හෝටලයේ සිටි කිසිවෙකු ජීවතුන් අතර සිටින බවට සලකුණක් නොමැති බව විදෙස් වාර්තා සදහන් කළා.

මෙහි පුද්ගලයන් 35 දෙනෙකු පමණ හිමපතනයෙන් වැළලී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, ජීවිතාරක්ෂක මෙහෙයුම මෙතෙක් අත්හැර දමා නොමැති බව ඉතාලි බලධාරින් ප්‍රකාශ කළා.

මළ සිරුරු දෙකක් පමණක් මේ වනවිට ඉවත් කරගෙන තිබෙනවා.

පසුගිය බදාදා මෙහි ඇති වූ භූ කම්පන වැලකින් අනතුරුවයි හිමපතනය සිදුවී ඇත්තේ.

යුරෝපයට මේ වනවිට අධික හිම සහිත කාලගුණයක් පවතින අතර හිමපතනයට ලක්වූ සංචාරක හෝටලය වෙත ළගාවීම  දුෂ්කර වී ඇති බවයි බලධාරින් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories