ජනපති පදවියේ දිවුරුම් දෙන්න ට්‍රම්ප් වොෂින්ටනයට

Friday, 20 January 2017 - 9:11

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සදහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට වොෂින්ටන් නුවරට පැමිණ තිබෙනවා.

ධවල මන්දිරයට ගොඩනැගිලි කිහිපයකට මෑතින් පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය ඔහුගේ පළමු නැවතුමයි.

ඉන් පසු ලින්කන් අනුස්මරණ ශාලාව ආලින්දයේ පැවති සංගීත සංදර්ශනයකට ද එක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එහි සිටි පිරිස අමතමින් සදහන් කළේ ඇමරිකාව එක්සත් කිරීමට කටයුතු කරන බවයි.

ඇමරිකානුවන්ට රැකියා සුලභ කිරීමටත්, ආරක්ෂක හමුදා සහ දේශසීමා ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීම ශ්‍රී ලංකා වේලාවෙන් අද මැදියම් රැයේදී සිදුකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories