දෙහිඅත්තකණ්ඩිය වැව්සිරිගම ප්රදේශයේදී කැබ් රථයක් හෙනාණිගල ඇලට පෙරලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
අද අලුයම 1.45 ට පමණ තොඩුවාව දෙසට ධාවනය වු කැබ් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව ඇලට පෙරලී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මියගොස් ඇත්තේ සහෝදරයන් දෙදෙනෙක් බවට අනාවරණ වී තිබෙනවා.
ඔවුන් හේනාණිගම නව මැදගම ප්රදේශයේ පදිංචි 32 සහ 36 හැවිරිදි දෙදෙනෙක්.
මෘත ශරීර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories