හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට ඇප

Friday, 20 January 2017 - 11:09

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට අද ඇප නියම කෙරුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර හමුවට ඔහු අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය ජනවාරි 2 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

එතැන් සිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

අද දිනයේදී ඔහු රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

ඊට අමතරව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9 ත් 12 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම නඩුවට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගේ බෑණනුවන් වන උපුල් චමින්ද කුමාරසිංහ ද අද දින නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ අතර, ඔහු ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories