ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීම සදහා පසුගිය රජය අත්සන් කළ ගිවිසුම අවලංගු කිරීමේදී රුපියල් මිලියන 1500 ක පාඩුවක් සිදුව ඇති බවට ටොප්ටෙන් යටතේ ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ චෝදනාවට අමාත්‍ය කබීර් හෂීම් අද (20) පිළිතුරු ලබාදුන්නා.
කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් ගැලවීමට මෙලෙස අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් සිටින බවයි.
ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීම සදහා පසුගිය රජය අත්සන් කළ ගිවිසුම අවලංගු කිරීමේදී රුපියල් මිලියන 1500 ක වංචාවක් සිදුව ඇති බවටයි පසුගියදා ඒකාබද්ධ විපක්ෂය කබීර් හෂීම් අමාත්‍යවරයාට චෝදනා කළේ.
ටොප් ටෙන් වැඩසටහන යටතේ ඔවුන් විසින් මෙම චෝදනාව එල්ල කරනු ලැබුවා.

Follow US
Most Viewed Stories