බූස්සේදී පෞද්ගලික බස් රථයක් පැහැර ගනී

Friday, 20 January 2017 - 12:20

%E0%B6%B6%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ධාවනය වෙමින් පැවති පෞද්ගලික බස් රථයක් ගාල්ල - බූස්ස ප්‍රදේශයේදී මග හරස් කර නවතා එහි සිටි මගීන් බස්සවා පැහැරගෙන ගොස් රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඇල්පිටියේ සිට ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

බීමතින් සිටි 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් කොන්දොස්තරවරයාට සහ රියදුරාට පහරදී ඇති අතර, අනතුරුව බස් රථය රත්ගම - පින්තාලිය - දැල්කඩ පොල අසල දමාගොස් තිබියදී රත්ගම පොලිසිය සොයා ගෙන ඇති බව සදහන්.

ඔවුන් බස් රථයේ එන්ජිමට දැඩි ලෙස හානි සිදුකර ඇති අතර, මැර ප්‍රහාරයට ලක් වූ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබනවා.

බස් රථය පැහැර ගන්නා අවස්ථාවේදී එහි මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ රත්ගම පොලිසියයි.

බස් රථ ධාවනය කරන වේලාවන් සම්බන්ධයෙන් පවතින ගැටලූවක් හේතුවෙන් තවත් බස් රථයක හිමිකරුවෙකු ඇතුළු පිරිසක් මෙම පැහැර ගැනීම සහ පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories