ඉදිරි දින කිහිපය සඳහා කාලගුණයෙන් නිවේදනයක්

Saturday, 21 January 2017 - 13:42

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හෙට සිට ලබන අගහරුවාදා දක්වා වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින අවට පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම වැසි තත්වය ඇති වන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර, බදුල්ල, මොණරාගල, කෑගල්ල සහ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකට ඊයේ දිනයේ වැසි ඇතිවූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

දිවයිනේ පැවති නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවුණා.

වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අරලගංවිල ප්‍රදේශයට වන අතර එය මිලිමීටර් 62ක්.

කෙසේ වෙතත්, කාසල්රී, නෝර්ටන් බ්‍රිජ්, මාවුස්සාකැලේ, කැනියොන්, ලක්ෂපාන සහ ඉහළ කොත්මලේ යන ජලාශ පිහිටි ප්‍රදේශවලට මෙතෙක් වැසි ලැබී නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

නමුත් රන්ටැඹේ, රන්දෙණිගල, බෝවතැන්න, උකුවෙල සහ වික්ටෝරියා ජලාශ පිිහිටි ප්‍රදේශවලට සුළු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් ප්‍රදේශවලට වැසි ලැබුණ ද බලපා ඇති වියළි කාලගුණය හමුවේ මේ වනවිට දස ලක්ෂකට ආසන්න පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පීඩාවට පත්වූවන්ට 117 දුරකථන අංකය අමතා අවශ්‍ය සහන ලබාගැනීමට හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories