අන්තරේ සිසුන් ස්ථාන 4 කදී විරෝධතාවල

Saturday, 21 January 2017 - 15:08

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+4+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD
බන්ධනාගාර ගත කර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරින් 7 දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) විරෝධතා 4 ක් සංවිධානය කර තිබුණා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර, රජරට, පේරාදෙණිය සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ඉදිරිපිටයි.

එසේම, ශිෂ්‍ය ක්‍රියාකාරීන් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් ඒකාබද්ධව කොළඹදී අද (21) මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.  

මේ එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ ශිෂ්‍යයින්ගේ අරගලය නවතා දැමීමට ආණ්ඩුව සිතන්නේ නම් එය වැරදීමක් බවයි.

එයට බාධා එල්ල කරන බාධා හමුවේ තව තවත් ශිෂ්‍ය අරගලය ශක්තිමත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම මාධ්‍ය හමුවට එක්වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික දුමින්ද නාගමුව කියා සිටියේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය විකුණමින් ගෙන යන පාලනය පහසුවෙන් ගෙන නොහැකි බවයි.

ඊට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලූ බලවේග එක්ව ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories