අනාගතය වෙනුවෙන් කඳුකරය රැක ගත යුතුයි - ජනපති

Saturday, 21 January 2017 - 18:09

%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටේ අනාගතය රදා පවතින්නේ කඳුකරයේ සම්පත් නිසි අයුරින් කළමනාකරණය කිරීම තුල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙරට තේ කර්මාන්තයට වසර 150 ක් සපිරීම සහ තලවකැලේ තේ පර්යේෂණායතනයේ වසර 92 ක සේවා කාලය ඇගයීම වෙනුවෙන් තලවකැලේ අද (21) පැවති උත්සවයක් අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තේ කර්මාන්තය ඇතුළු වැවිලි හා කෘෂි ක්ෂේත්‍රයේ මෙන්ම සෞඛ්‍ය සහ ධීවර ඇතුළු ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතු සඳහා ලබාදෙන ප්‍රතිපාදන ඉදිරියේදී තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, කඳුකරයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග ඉහළ නංවමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ගතහැකි සෑම පියවරක්ම ගැනීමට වත්මන් රජය කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා කඳුකරයේ දරුවන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය පිළිබඳ රජය දැඩි අවධානයකින් කටයුතු කරන බවද සඳහන් කළා.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සේවකයන් ස්ථිර කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූවට ද කඩිනම් විසදුම් ලබාදීමට රජය පියවර ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories